දේශීය පුවත්

ඡන්ද කාලය තුළ සීමා වාසික පුහුණුව සදහා වෛද්‍යවරුන් බදවා ගැනීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය අහෝසි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය එම කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කළ ලිපියක් මගින් අනතුරු අඟවා ඇත්තේ එම පත්වීම් මේ මොහොතේ නවතා දැමුවහොත් එය දිවයින පුරා රෝහල් වලට අනිටු බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

සීමා වාසික වෛද්‍යවරයා යනු අදාල රෝහල තුළ පැය 24 පුරාවටම රැදී සිටිමින් සේවය සපයන වෛද්‍ය කාණ්ඩයක් බැවින් දිවයින තුළ සියලු ප්‍රධාන රෝහල් වල අඛණ්ඩ සේවාවන් සහතික කිරීම සදහා සීමාවාසික වෛද්‍යවරුන්ගේ කාර්ය භාරය අතිශයින් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනම් දී තිබේ.

 

සීමාවාසික වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක්:

තම සංගමය වෙත වාර්තා වී ඇති පරිදි මේ වන විට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කළ සීමාවාසික වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් සඳහා පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන ලිපියේ සඳහන්ය.

වෛද්‍ය හරිත අලුත්ගේ එහි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු  පැමිණිල්ලක් පාදක කරගනිමින් පවතින මැතිවරණ කාලසීමාව තුළ එම පත්වීම අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව දැන ගන්නට ඇති බවයි.

“කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කුසලතාව යන අනිවාර්ය සාධකය පමණක් පදනම් කර ගනිමින් සිදු කරන මෙම සීමාවාසික පත්වීම් ලබා දීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට ඔබ විසින් ගනු ලැබුවේ යැයි පැවසෙන තීරණය හරහා දිවයින පුරා රෝහල් පද්ධතියට ඝෘණාත්මක බලපෑමක් එල්ල වීම නොවැලැක්විය හැකි වනු ඇත.”

වෛද්‍ය හරිත අලුත්ගේ සිය ලිපිය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට වැඩි දුරටත්  දැනුම් දී ඇත්තේ මීට ඉහත දී මැතිවරණ පැවැත්වු කාලවකවානුවලදී පවා දේශපාලන බලපෑම් වලින් තොරව කුසලතාව මත පදනම් වු වෛද්‍ය පත්වීම් පවා ලබා දී ඇති බවයි.

සුදුසුකම් සම්පුර්ණ කළ සීමාවාසික වෛද්‍යවරුන් සදහා පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට අනුමැතිය ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More