දේශීය පුවත්

පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සැලසුම් කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් මොහොමඞ් හසිම් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලට ගොස් දේශනයක් පවත්වා ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට උදව් උපකාර කරන බව පවසා ඔහුගේ ආගම වෙනුවෙන් ජීවිතය පූජා කිරීම හෝ සිදුකළ යුතු බව ද පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට ඊයේ (19 දා)පැවසීය.

සිය ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටදැයි එහිදී සිසුන්ගෙන් විමසා ඇති බවත් සටන් කිරීමට කැමති බව පැවසූ සිසුන්ව රඳවාගෙන සෙසු පිරිස බැහැරට යවා වැඩිදුර දේශන පවත්වා ඇති බවටත් සිසුන් පිරිසක් ලබාදුන් ප‍්‍රකාශ අනුව හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කීවේය.

පසු දිනක හෙලිකොප්ටරයකින් එම විදුහලට පැමිණ ඇති ඊශා හාජ්ජියාර් නමැති අය ඇතුළු අරාබි ජාතිකයන් සිවුදෙනකු සිසුන් සියලූ දෙනාට රුපියල් 3000 බැගින් ලබාදී එහි විදුහල්පතිවරයාට අරාබි මුදල් තොගයක් ලබා දී ඇති බවට ද හෙළි වී ඇතැයි අධිකරණයට පැවසීය.

එම පාසලේදී සිංහල භාෂාවෙන් කතා කිරීම තහනම් වූ බවත්, එසේ සිංහල භාෂාවෙන් කතා කළහොත් පහර දෙන බවටත් සිසුන් ලබාදුන් ප‍්‍රකාශ අනුව පැහැදිලි වන්නේ යැයි සිය විමර්ශන වාර්තාව මගින් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිකාස් මවුලවිවරයා විසින් එවැනි වරදක් කළ තමා පොහොර බෑගයකට දමා ගසක එල්ලා පහර දුන් බව එක් සිසුවකු ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද අධිකරණයට සිය විමර්ශන වාර්තාව මගින් දැන්වීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාගේ සොහොයුරකු වන මොහොමඞ් රිල්වාන් යන අය ගිනි අවියක් සහ බෝම්බයක් ගෙනවිත් එහි කොටස් ගලවා පෙන්වූ බවත්, එහි ඇති දේවස්ථානයේ පහල තැන වළවල් හාරා හමුදා පුහුණුවක් වැනි පුහුණුවක් ඔවුනට ලබාදුන් බවටත් එකී සිසුන් ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද එහිදී අධිකරණයට පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාට අමතරව ඉල්හාම් මොහොමඞ් මොහොමඞ් ඉබ‍්‍රාහිම්, මොහොමඞ් ජිෆ්රි පාතිමා, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් ඇතුළු පිරිසක් එම විදුහලට පැමිණ වැඩමුළු දේශන හා පුහුණු වැඩසටහන් පවත්වා ඇති බව ද විමර්ශන නිලධාරිහු එහිදී අධිකරණයට පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More