දේශීය පුවත්

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා  ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයකුට අනුව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකය මගින් හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයක් පටිගත කරනු ඇත.  ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා කීවේය.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී නව පනතක් සම්මත කර ඇති බවයි.

“ඔහු ළඟ තියෙන සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, එහි දූෂණ මර්ධන ඒකකයට සහ ආරක්ෂක ඒකකයටත් බාරදිය යුතුයි. එවිට ඒ ගැන වඩාත් හොඳ විමර්ශනයක් කළ හැකියි“ යයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් කටයුතු කළ කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබිණ.

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් පන්දු 88 කදී නොදැවී ලකුණු 103 ක් ලබාගත් මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඡන්දය ළඟ ළඟම එනවා නේද ?….. ජෝකර්ලා වැඩ පටන් අරන් වගේ…. සාක්කි හෝ නම් කෝ…?“ යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More