දේශීය පුවත්

ඒකාධිපති ගජමිතුරු වියරුව පරදන දේශය අවධිකරන “ජනබල අරගලය” නමින් යෝධ පා ගමනක් සංවිධානය කරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා, යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව මේ රටේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් බලාපොරොත්තු වු අතර, අද වනතෙක් ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කිරීමට ආණ්ඩුව අද වෙනකොට සමත් වී නැහැ. ඒ නිසා තමන් පත්කළ ආණ්ඩුවට විරුද්ධව අද ජනතාවට පාරට බහින්න සිද්ධවෙලා තියෙනවා. ඒ අනුව අපි තීරණය කරා ඒ පාරට බහින ජනතාවට නායකත්වය දීලා ඒ ජනතාව එක අරමුණකට ගෙනත් මේ රටේ පුරවැසියන්ට අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න. ඒ නිසා තමයි අපි මේ පාගමන සංවිධානය කරන්න තීරණය කලේ විශේෂයෙන් වර්තමාන අගමැතිවරයාගේ හිතුවක්කාරී තමන්ගේ හිතවතුන්ට සහනදෙන තමන්ගේ ගජ මිතුරන්ව රටේ ආර්ථිකය කොල්ලකෑමට ඉඩදෙන චෞර වැඩ පිළිවෙලට විරුද්ධව මේ රටේ ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දෙන වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මෛත්‍රී ගුණරත්න මහතා,

අපි මේ පාගමනට අද රට මුහුණදී සිටින ප්‍රධාන මාතෘකා කිහිපයක් තෝරාගෙන තියෙනවා. ඒ තමයි

මහ බැංකුව කොල්ල කෑ මහ මොළකරු වහා අත්අඩංගුවට ගනු.
ජීවන බර සැහැල්ලු කරනු.
රාජ්‍ය දේපල විදේශිකයන්ට විකුණා දැමීම වහා නවතනු.
පොරොන්දු වු මැතිවර්ණ ක්‍රමය වහා සංශෝධනය කරනු.
අර්ථසාධක මුදල් වහා ලබාදෙනු.
වතු ආර්ථිකය ශක්තිමත් කරනු.
මේ කරුණු දිහා බලනකොට ඕන කෙනෙකුට පේනවා මේ කාරණා සෘජුවම ජනතාවට, ජන ජීවිතයට බලපාන කාරණා කියලා. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ රට වැනසූ අගමැති යන්න කියන “ජනබල අරගලය” පා ගමන සංවිධානය කරන සෑම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයකටම සිවිල් සංවිධානයකටම බොහොම විවෘතව ආරාධනා කරනවා. ඒ වගේම මේ රටේ ඉන්න රටට ආදරය කරන හැම පුරවැසියෙක්ටම අපි ආරාධනා කරනවා මේ පා ගමනට එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ඉන්න කලාකරුවන්ට, ජනමාධ්‍යවේදීන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට, හැමෝටම අපි විවෘතව ආරාධනා කරනවා.

අද අගමැතිවරයාගේ පුද්ගලික ලේකමි සුගත් චන්ද්‍රසේකර එලියට ඇවිත් කියන කතා දැකපුවාම අගමැතිවරයා කරපු සෙල්ලම හොදින් අවබෝධ කරගන්න පුලුවන්. එදා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට UNP නායකත්වයෙන් යන්න කියලා මාතර ඉදලා කොළඹට සංවිධානය කරපු සාමකාමී පෙළපාලියට පහරදීපු විදිය අද රටටම එලිවෙලා තියෙනවා. ඒ නිසා අගමැතිවරයා මෙවරත් අපේ පා ගමනට පහර දෙන්න පුළුවන් අපි. ඒ සදහා හොද සූදානමකින් මේ පාර මහජනතාව එක්ක පාරට එනවා.

අපි රටේ ජනතාවට කියනවා මේ රට වනසන අගමැතිවරයා ගෙදර එවන යෝධ විරෝධතා පා ගමනට එකතු වෙන්න කියලා. ඒ වගේම අපි කියනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට මේ රට විනාශ කරන අගමැතිවරයාට පක්ෂව ඡන්දය දීලා පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් ගමට එන්න එපා කියලා. යනුවෙන් ඒ මහතා සදහන් කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More