පුරවැසි කොලම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසා දැමීමට තීරණය කරන ලද ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය සමාගම නැවත ගොඩනගා රටේ ආර්ථිකමය වැඩකොටස්වලට සහ මූල්‍යමය ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නැවත ස්ථාපනය කරන්නට මහ බැංකුව කටයුතු කළ යුතු බවත්, නමුත් දැනට එහි සිටින පිරිස (සෙට් එක) සමඟ එය සිදුකිරීමට නොහැකි බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දෙරණ සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුවට මෙම අර්බුදය ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාව තිබුණු බවයි.

“මෙතන පැහැදිලිවම මහ බැංකුවේ දුර්වලතාවයක් තියෙනවා. ජනාධිපතිතුමා ඉතාමත් හරියාකාරව මේ ප්‍රශ්නේ විග්‍රහ කරලා, ජනාධිපතිපතුමා කියලා තියෙනවා, මෙතන දී මේ තත්ත්වය වෙන්නේ නැති වෙන්නට මහ බැංකුවට කටයුතු කරන්න පුළුවන් කියලා. මම ඒ මතේ සියයට සියයක් ඉන්නවා. මොකද මේ ප්‍රශ්නයට මහ බැංකුව නිසි විදියට ඉදිරිපත් වුණා නම්, මහ බැංකුවට තිබුණා මේ ප්‍රශ්නය මතුවෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න. ඒක කෙරුවේ නැහැ. අනික ඒ පිළිබඳව, විවිධ අවස්ථාවල දී අපි වුණත්, මම වුණත්, දුන්නා පැහැදිලි ආකාරයකට මේකට ඉදිරිපත් විය හැකි ආකාර. මොකක්ද කළ යුත්තේ කියලා. ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන හිටියේ මේක වහන්න ඕනමයි කියන තැන හිටියේ. විශේෂයෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්, ඒ මහත්මයා හිටියේ මේක වහන්න ඕනේ කියන මතයේ. ඉතිං වැහුවා. ලොකු හපන්කමක් කළා වගේ තමයි ඒ අය හිතන්නේ. එතකොට මේ අවස්ථාව නිසා තැන්පත්කරුවන් 10,072 කට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ 10,072 මට පෙනෙන විදියට රුපියල් බිලියන 22.6ක්, ඒ කියන්නේ මිලියන 22,000 ක් ඒ අයට අහිමි වෙනවා. එහෙම වෙන එක සාධාරණද?“

“මහ බැංකුවේ ඉන්න නිලධාරීනුත් මේක ගැන වගකියන්නට ඕනේ. ඇයි මෙහෙම වෙන්න දුන්නේ. මෙහෙම නොවෙන්න කටයුතු කළේ නැත්තේ ඇයි. අතිගරු ජනාධිපතිතුමාගේ කතාව ඉතාමත්ම හරි. ඒක කිය යුතුයි. හිතලා බලන්න මහ බැංකුවේ ඉන්නවා පෙන්ෂන් අරගන්න 2,300ක්. ඒ වගේ 4 ගුණයකට මේ ‘ද ෆිනෑන්ස්‘ එක හරහා තමන්ගේ ආදායම අහිමි වෙනවා. ඒක සාධාරණද? ඒ ගැන කටයුතු කරන්න පුළුව්න වෙලා තියෙද්දී නොකිරීම, මට නම් පේන හැටියට කිසිවිටෙක අපට අනුමත කරන්න බැහැ. 2008 හා 2009 දී ඔය සෙලින්කෝ සමූහ ව්‍යාපාරය ආයතන 12ක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එකක් දෙකක් නෙමෙයි. බරපතළ ප්‍රශ්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳුවා. සෙලාන් බැංකුව වැටෙන්න ගියා.  මූල්‍ය ආයතන තව 11 ක්, මට ඕනේ නම් විස්තරාත්මකව කියන්න පුළුවන්. ඒවා වැටෙන්න ගිය ආයතන. ඒ ඔක්කොම ආයතන විවිධි උපක්‍රම හරහා විවිධ ක්‍රමවේදයන් හරහා පාවිච්චි කරලා ඒවා ඔක්කෝම රැක ගත්තා. ඒක තමයි මහ බැංකුවේ එක මූලික වගකීම.“

මහ බැංකුවේ තියෙන්නේ වගකීම් දෙකයි මූලික වගකීම් හැටියට.

1. ආර්ථික ස්ථායිභාවය රැක ගැනීම.

2. මූල්‍ය ක්ෂේත්‍රය මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන්න.

“මේ දෙකනේ එකක් යම් ආකාරයකට පළුදු කරලා, ඒක කරන්න පුළුවන් කොට, ඒක නොකර, ඒක අතපසුකිරීමක් කරනවානම්, ඒක අතහැරලා දානවා නම්, ඒක අහක දානවානම්, ඒක බරපතල වැරැද්දක් විදියට මම දකින්නේ. අතිගරු ජනාධිපතිතුමා කියපු කතාම මම සම්පූර්ණයෙන් අනුමත කරනවා. මේ දැන් වුණත්, මේ ආයතනය ගොඩනගලා, ඒක නැවත වරක් මේ රටේ ආර්ථිකමය වැඩකොටස්වලට සහ මූල්‍යමය ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නැවත ස්ථාපනය කරන්නට මහ බැංකුව වැඩ කරන්න අවශ්‍යයි. ඒක තමයි ඒ අය කළ යුත්තේ. ඒ වුණාට මේ ඉන්න සෙට් එකත් එක්ක නම් ඒක කරන්න බැහැ. ඒකත් මම කියන්නට ඕනේ. ඒ ගොල්ලන්ට කිසිම කැක්කුමක් නැහැ, මේවා බලාගන්න, මේවා ආරක්ෂා කිරීමට, ඒ අය ඉන්නේ මේවා වහලා දාන්න ඕනේ කියන තැන. එහෙම හිටියොතින් මේවා කරන්න බැහැ. එතන තමයි මෙතන බරපතලම වැරැද්ද තියෙන්නේ. මේවා වහලදාන්න ඕනේ, මේවා අපිට වැඩක් නැහැ. මේ මිනිස්සුගේ සල්ලි ගැන කිසිම කැක්කුමක් නැහැ ඒ අයට. බිලියන 26.6 ක් කියන්නේ පොඩි ගාණක් ද? දසදහස් දෙනෙක් අනාථ වෙනවා.“

“මහ බැංකුවේ පෙන්ෂන් ගන්න අය ඉන්නේ 2,300යි. ඒ 2,300 ගැන හිතලා තව ඒ වගේ 4 ගුණයකට පාරට වැටෙන්න වෙනවා කියන එක හිතලා, මේ අය කටයුතු කරන්න එපැයි. ඒක කෙරුවේ නැති එක වුණාම, මං හිතන්නේ අපි ඒ ගැන කටයුතු ගැන කතා කරන්න ඕනේ. රජයක් හැටියට වගකීමෙන් කියනව, මේ තත්ත්වය අපිට සිදුවෙන්නට ඉඩදෙන්නට බැහැ. ඒ ගැන අපි කටයුතු කරන්නම ඕනේ. මුදල් මණ්ඩලයට ඔහොම තීරණ ගත්තට ඒවා රිවර්ස් කරන්න පුළුවන්. අපි ජනතාව ගැන හිතන්න ඕනේ. ජනතාව ගැන හිතන්නේ නැතුව, ඒගොල්ලෝ හිතුවක්කාරයි කියලා, අපිට ඉඩදෙන්න බැහැ මේවා සිදුවෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට දුන්න එක මූලික උපදෙසක් තමයි, ඒ යුද්දේ කාලේ, මේ එකක්වත් වැටෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන්න කියලා. අපි ඒක පිළිපැද්දා. අපි එහෙම පිළිපැදලා, ඒ අනුව අපි ඒ අකාරයට මේවා රැකගෙන එක ආයතනයක්වත් වැටෙන්න නොදී අපි රැකගෙන ගියා. දැන් අද වුණත් 2010 දී, මම මැදිහත් වෙලා ස්ථාපනය කරපු Deposits insurance එකෙන් තමයි දැන් මේ උජාරුවට ගෙවන්න යන්නේ. එහෙම එකක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මේ ‘ද ෆිනෑන්ස්‘ ආයතනය කඩා වැටුණාට පස්සේ, කඩා වැට්ටුවාට පස්සේ, දැන් බිලියන 20 ක් මහ බැංකුව වෙන් කරනවා ඒ සඳහා. ඒක සාධාරණද?“

“මේවා දැන් වුණත් මේවා හදන්න පුළුවන්. ඒවාට හරි පුද්ලයන්ට ඒවා භාර දෙන්න ඕනේ. හරි මඟ පෙන්වීම කරන්න ඕනේ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More