අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
උසස් පෙළ විභාගය සති කිහිපයකට කල්දමන ලෙසට සිසුදරුවන් විසින් කළ ඉල්ලීමක් කර ඇති අතර, ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විභාගය පවත්වන දිනය පිළිබදව තීරණය කර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මාතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදාළ සිසු දරුවන්ගේ දෙසින් බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...