දේශීය පුවත්

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා  රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටී.

සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බෞද්ධ උපදේශක සභාව දුන් උපදෙස් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සඳහන් කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරු සමාජයක් උදෙසා සහ පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධව මහා සංඝරත්නයේ ප්‍රසංසාව පළ කළහ.

එම බලකා අර්ථදායී ලෙස  අපේක්ෂිත අරමුණු ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවද උන්වහන්සේ පැවසූහ. රටේ සමස්ත කාර්යභාරය අතට ගෙන ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට ජන සමාජයෙන් ලැබෙන ප්‍රසාදය බෞද්ධ උපදේශක සභාවට ද ගෞරවයක් බව මහා සංඝරත්නය පැවසූහ.

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිතුමාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.

පිරිවෙන් විෂය නිර්දේශයේ සහ විෂය මාලාවේ සංශෝධනයක් විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මෙන්ම තොරතුරු තාක්ෂණය පිරිවෙන් විෂය නිර්දේශය තුළ සමගාමී විෂයන් ලෙස ඉගැන්වීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

දහම් පාසල් අධ්‍යාපනයට, සිසු පරපුර වැඩි වශයෙන් යොමු කළ යුතු බවත්, දහම් පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් දිය යුතු බවත් සංඝරත්නය පැවසූහ.

ඉරිදා දිනවල පෙ.ව 6.00 සිට ප.ව 2.00 දක්වාත්, පොහොය දිනයන්හි උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීම යහපත් සමාජයක් උදෙසා කළයුතු මහගු කාර්යයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තරුණ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාරවලට නැඹුරුවීමේ ප්‍රවනතාවක් පවතින බව පෙන්වා දුන් මහා සංඝරත්නය ප.ව 5.00 න් පසු උපකාරක පංති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව  පැවසූහ. පිරිවෙන් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ. උපාධිධාරී භික්ෂුන් වහන්සේ සහ ධර්මාචාර්ය විභාගය සමත් සිල් මාතාවන් පාසල්වල බුද්ධධර්මය විෂය ඉගැන්වීමට යොදාගතයුතු බව ද මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More