දේශීය පුවත්

වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඔහු ඒ බව නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

වැලිසර නාවික රෝහල හැරෙන්නට වැලිසර කඳවුරේ සියලුම අංශ මේ අනුව විවෘත කළ හැකි බව ද දැනුම් දී ඇත.

වැලිසර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වැනිදායින් පසුව විවෘත කරන්නැයි නාවික හමුදා ප්‍රධානීන්ට දැනුම් දුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ‘ලංකාදීප’යට ඊයේ (18) පැවැසුවාය.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි කී ගමගේ මහත්මිය නාවික භටයන්ගෙන් සියයට අනුවකට වැඩි පිරිසකගේ නිරෝධායන කටයුතු ද අවසන් වී ඇතැයි ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අප නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ නිශ්චිත සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇති හෙයින් වැලිසර නාවික කඳවුර අද හෙටම විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

කඳවුර විවෘත කිරීමට පූර්ණ විෂබීජහරණයකට ලක් කළ යුතුව තිබෙන බව ද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

කොරෝනා පැතිර යෑමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කලාපයක් බවට පත් කෙරුණේ ඉකුත් අප්‍රියෙල් මස 23 වැනිදාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More