පුරවැසි කොලම

දෙවැනි රැල්ල

June 19, 2020 10:11 am | Lanka Lead News

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක භයානක සලකුණු චීනයේ බීජිං නගරයෙන් මතු වී තිබේ. බීජිං නගරයේ පිහිටි විශාලතම තොග ආහාර වෙළෙඳපොළ වන ‘සින්ෆාඞ්’ ආහාර වෙළෙඳපොළ ආශ‍්‍රිතව පැතිර යමින් තිබෙන කොරෝනා පොකුරක් හේතුවෙන් පෙරේදා (17දා) දිනයේ නගරයේ සියලූ පාසල් නැවත දන්වන තුරු වසා දමා තිබෙන අතර බීජිං ගුවන් තොටුපළේ ගුවන් වාර 1255 ක් අවලංගු කර තිබුණි. මාර්තු මාසයේදී කොරෝනා වෛරසය පරාජය කළ බවට නිල වශයෙන් ප‍්‍රකාශ කළ චීනයෙන් නැවත වෛරසයේ දෙවැනි රැුල්ලක් මතුවීම ලෝකයටම අවදානමකි. මන්ද 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරවැසියකු මගින් පැතිර ගිය නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ මාස 04 ක පමණ කෙටි කාලයකි. කොරෝනා වෛරසය පිළිබඳව දත්ත සමීක්ෂණය කරනු ලබන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්සන් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඊයේ

(18 දා0 වන විට රටවල් 188 කින් වාර්තා වී ඇති අසාදිතයන්ගේ සංඛ්‍යාව අසූතුන් ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර මරණ සංඛ්‍යාව හාරලක්ෂ හතළිස් අට දහස ඉක්මවා තිබිණි.

මේ වන විට කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇති රටවල් වන ඇමෙරිකාව, ඉන්දියාව, මෙක්සිකෝව, චිලී රාජ්‍යය, පකිස්ථානය, කොලොම්බියාව, ඉරාකය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, සවුදි අරාබිය, දකුණු අප‍්‍රිකාව, ඊජිප්තුව වැනි රටවල අසාදිතයන්ගේ චක‍්‍රය තවමත් සමතලා කර ගැනීමට නොහැකි වී තිබේ. බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුණද, ශ‍්‍රී ලංකාවෙන් ආසාදිතයන් වාර්තා වීමේ රේඛාව තවම පහළට පැමිණ නැත. වෙනත් රටවල මෙන් බාහිර සමාජයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකරන නිසා මෙහි අවදානම තවත් ඉහළය. එමෙන්ම ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් විශාල පිරිසක් රැුකියා කරන මැදපෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීමෙන් මෙම අවදානම තවත් දෙගුණ වී තිබේ. එම නිසා කොරෝනා වෛරසය ගෝලීය මට්ටමින් මර්දනය වන තුරු ශ‍්‍රී ලංකාව සීරුවෙන් කටයුතු කළ යුතු අතර කොරෝනා මර්දන ක‍්‍රියාවලියේ කිසිදු හිඩැසක් නොතැබිය යුතුය.

මාසයක පමණ කාලයක් තිස්සේ කොරෝනා වෛරසය ”සීරෝ” කළ නවසීලන්තයෙන් නව ආසාදිතයන් තිදෙනකු වාර්තා වී තිබේ. මෙම තිදෙනාගෙන් දෙදෙනකු එංගලන්තයේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා පකිස්ථානයේ සිට පැමිණි අයෙකි. එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ නිරෝධායනය වී, රට ඇතුළට ගමන් කිරීමෙන් පසුවය. මෙම සිද්ධියෙන් පසු නවසීලන්ත අගමැතිනිය කොරෝනා නිරෝධායන ක‍්‍රියාවලිය පරීක්ෂා කිරීමේ බලය හමුදාවට පවරා තිබේ. ලිබරල් කඳවුර නියෝජනය රටක් කොරෝනා මර්දනය සදහා හමුදාව යොදාගත් පළමු අවස්ථාව මෙය වේ. ඉන් පැහැදිලි වන්නේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට තද නීති රීති අවශ්‍ය බවය. අගෝස්තු 01 වැනිදා සිට කටුනායක ගුවන් තොටුපොළ සංචාරකයන්ට විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ශ‍්‍රී ලංකාව, මෙවැනි ගෝලීය සිද්ධීන් පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ‍්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින බවත්, ශ‍්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැුල්ලක් මතු වීමේ ඉඩක් නොමැති බවත්, ශ‍්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය වන අලෙයින් බී. ටෙම්ප්ලිට්ස් මහත්මිය පවසා තිබිණි. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ කොරෝනා වෛරසයේ දෙවැනි රැුල්ලක් ඇති වීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ රටේ ජනතාව කොරෝනා වසංගතය මර්දනය කිරීමේ සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් කඩ කරමින් කටයුතු කරන බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතාද පවසන්නේ කොරෝනා පාලනය සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ජනතාව නොසලකා හරින බවක් පෙන්නුම් කරන නිසා ඉදිරියේදී වසංගතය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් බවයි. සෞඛ්‍ය හරහා ලැබෙන සංඥා බිම් මට්ටමින් ලැබෙන අවදානම් සංඥාය. මෙම සංඥා කල් තියා හඳුනාගැනීමට ආණ්ඩුවට ඉවක් තිබිය යුතුය. විශේෂයෙන් කොරෝනා වැනි තවමත් හඳුනා නොගත් වෛරසයක් සමග ජන ජීවිතය ඉදිරියට ගෙන යෑමේදී සෞඛ්‍ය උපදේශන සීමා කඩ නොවීමට ජනතාව වග බලා යුතු අතර ආණ්ඩුව ඒ පිළිබදව විමසිල්ලෙන් පසු විය යුතුය.

කොරෝනා වෛරසය පරාජය කිරීම  ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා සියලූ පුරවැසියන්ගේ දායකත්වය ලැබිය යුතුය. ඒ සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, මෙතෙක් පවත්වාගෙන ආ සෞඛ්‍ය පිළිවෙත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අප වග බලා ගත යුතුය. දෙවැනි කොරෝනා රැුල්ල පරාජය කිරීමට ඒ හැර වෙනත් ක‍්‍රමවේද නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More