හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ නොහික්මුණු ක්‍රියා හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු කොමිසමේදී ඊයේ (18 වැනිදා) පැවසූහ.
එසේම මුස්ලිම් ඇමැතිවරුන් වන එම්. එච්. එම්. හලීම්, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන අය ඇතැම් සංඝයා වහන්සේලාට මුදල් ගෙවා උන්වහන්සේලාව දේශපාලන පලිහක් කරගෙන කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තෙවන දිනටත් ඊයේ (18 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්හ.
එහිදී කොමිසම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ප්‍රදේශ කිහිපයක කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...