දේශීය පුවත්

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා දෙමළ ඩයස්පෝරාව සමග එක්වී රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ මානව හිමිකම් කඩකර ඇති බැවින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් කණ්ඩායමක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා යුරෝපා සංගමයට ඊයේ (18 වැනිදා) පැමිණිලි කළහ.

ජාතීන් අතර අසමගියක් ඇතිවන අයුරින් යස්මින් සූකා විසින් සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ ජීවිතයට හානිදායක වන තොරතුරු අනාවරණය කර ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇත.

වසර තිස්දෙකක් පුරා ජාතික ආරක්ෂාවට සුවිශේෂී සේවාවක් කළ බුද්ධි නිලධාරියකු වූ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ උසස්වීමට විරුද්ධව යස්මින් සූකා නිවේදනයක් නිකුත් කළාය. එහිදී වෙනත් නිලධාරියකුගේ ඡායාරූපයක් යොදමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයිට යුද අපරාධ චෝදනා එල්ල කර තිබිණි.

තමන්ගේ ජීවිතයට හානියක් වන පරිදි කටයුතු කළ බව චෝදනා කරමින් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා සුරේෂ් සලෙයි පසුගියදා යස්මින් සූකාට එන්තර වාසියක් ද යවා තිබිණි.

එම මුදල නොගෙවන්නේ නම් දින දාහතරක් ඇතුළත ඇයට විරුද්ධව නඩු පැවරීමටද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More