දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට යොදවා ගැනීමට තීරණය කිරීම ඉතා භයානක මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් යැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ වන්නි දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 17 දා වවුනියාවේදී පැවසීය.

මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශයක් කරමින් ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටියේ මීට පෙර පැවති මහ මැතිවරණ සමයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී සම්බන්ධන් මහතා ඔවුන් එලවා දැමූ බවයි.

මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය පරාජයට පත්වන බවක් පෙනෙන්නට ඇති නිසා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ කොන්දේසි කීපයක් පිළිගෙන ඔවුන් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට හවුල් කරගැනීමට කටයුතු කිරීම නිසා දෙමළ ජනතාවගෙන් නිදහස් හා බලපෑමකින් තොර ඡන්දයක් බලාපොරොත්තු නොවිය හැකි බවද ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටියි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More