පාස්කු ප‍්‍රහාරයට අදාළ වැදගත්ම සාක්‍ෂිය වූ සහරාන්ගේ ජංගම දුරකථන දෙකේ දත්ත ඇමෙරිකාවේදී අතුරුදන් වුණේ කෙසේද යන්න ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය මෙතෙක් හෙළිකර නැත.
මෙම ජංගම දුරකථන දෙක එවකට සිටි ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ අධිකරණයේ අවසරයකින් තොරව රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි විසින් ඇමරිකානු පොලිසියට ලබාදී තිබුණි.
මෙම ජංගම දුරකථනවල කිසි දෙයක් නැති බව එෆ්. බී. අයි. පොලිසිය පවසා තිබේ. එහෙත් දුරකථනවල තිබූ දත්ත එකවරම අස්ථානගතවීම දැඩි සැකයට තුඩුදෙන කරුණක් බව රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.
රහස් පෙලිසියේ හිටපු නිලධාරීන් පිරිසක් පාස්කු ප‍්‍රහාරය වසන්කරලීමට කටයුතු කර ඇති බව හෙළිවී තිබෙනවා. සිදුකළ පරීක්‍ෂණ ගැන තොරතුරු මුස්ලිම් දේශපාලනඥයන් කීපදෙනෙකුට ලබා දී ඇති බවටත් තොරතුරු හෙළිවෙමින් පවතින බව එම ආරංචි මාර්ග කීවේය.
පාස්කු ප‍්‍රහාරයේ සුලමුල සොයන වත්මන් නිලධාරීන්ට ඇමරිකානු පොලිසියේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම ද දුෂ්කර වී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...