පසුගිය ආණ්ඩු සමයේ සැපයූ සේවාවන් වෙනුවෙන් මෙතෙක් මුදල් ලැබී නැති සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සියයට හතරේ සහන පොලියට ණය මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් තමන් සතුව ඇති නිරවුල් කළයුතු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.
ණය ලබාදීමේ ඇපකරය ලෙස ඉදිරිපත් කළ යුතු බිල්පත භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලවා සහතික කර ගත යුතු බව කී ඇමැතිවරයා ඉන්පසුව එය බැංකුවට ඉදිරිපත් කිරීමෙන් ණය මුදල ලබා ගතහැකි බවද හෙතෙම පැවසීය.
පසුගිය ආණ්ඩුව සමයේ ගම්පෙරළිය, ළඟම පාසල හොඳම පාසල වැනි ව්‍යාපෘති සහ මහාමාර්ග, විදුලිය වැනි ව්‍යාපෘති වෙනුවෙන් සේවා සැපයූ සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන දෙසීය හතළිහක් ගෙවිය යුතුව ඇතැයිද එනිසා මොවුන්ට තම ව්‍යාපාර කරගෙන යා නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...