දේශීය පුවත්

බන්ධනාගාර තුළ ඉදිරියේ දී නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවත් එවන් ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන්  කිහිපදෙනෙකුට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද (18) දින බන්ධනාගාර අධිකාරිවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එවන් දූෂිත නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

බන්ධනාගාර සේවය අභිමානවත් සේවයක් බවට පත් කිරීමට ඊට අදාළ පාර්ශවයන් කටයුතු කළ යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේය.

“දුෂිත ක්‍රියාවලින් වැළකී විශ්‍රාම යෑමෙන් පසුව වුවද සතුටු විය හැකි ආකාරයෙන්  සිය කාර්යභාර්ය ඉටු කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු සිදු කළ යුතුයි,“ යනුවෙන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More