දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මහතා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් ද එවා තිබේ.

ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත.

ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ මහතා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කළේය.

චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ.

“අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.“

ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළහ.

මේ වසරේ පෙබරවාරි මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත් ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේ වල ඇති සුව කිරීමේ ගුණය සැලකිල්ලට ගනිමිනි.

එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයන්ට සෙත් පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ඣායනය කෙරුණි.

මේ අතර කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිය සහෝදරත්වය පළ කරමින් ඇදි සිතුවම් කිහිපයක් චීන ජනාධිපති ආර්යාව පෙන්ග් ලීයූවාන් මැතිණිය වෙත යවා තිබුණු අතර එම ක්‍රියාව ඇයගේ මහත් ඇගයීමට ලක් විය.

වර්තමානයේ බිජිං නගරයේ තත්ත්වය පැහැදිලි කළ දූත පිරිස කියා සිටියේ සියයකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති නමුත් තත්ත්වය පාලනය වී ඇති බවය.

රෝගයේ මූලාරම්භය කඩිනමින් සොයා ගැනීමට චීන බලධාරීන් සමත් වී ඇති බව ද ඔහු පැවසීය.

“වෛරසය පැතිර තිබුණේ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මඟිනි.“

මේ තත්ත්වය කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉමහත් අවධානයකින් සිටින බව දූත පිරිස සඳහන් කළහ.

දෙපාර්ශ්වය තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළහ.

චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More