දේශීය පුවත්

සහරාන් හෂීම් මියගිය ද කාත්තන්කුඩියේ අන්තවාදී, වහබ් මතවාදය සහ එහි ක්‍රියාකාරකම් තවමත් ප්‍රබලව පවතින බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

කාතන්කුඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ඊයේ 17 කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව හෙළි කර තිබේ .

කාත්තන්කුඩිය ප්‍රදේශයේ සුෆි නොවන පල්ලි 45 ත් 50 ත් අතර ප්‍රමාණයක් පවතින බවත් ඒ අතුරින් වහබ් දර්ශනය අදහන පල්ලි 10 ක් 15 ක් පමණ ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ඔහු කොමිසමට පැවසීය.

අදාළ වහබ් පල්ලිවල පහළොස්දහසක පමණ සාමාජික ප්‍රමාණයක් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියානු මව්ලවිවරු දේශන සඳහා කාත්තන්කුඩියට පැමිණ ඇති බවත් ඒ අතර තමිල්නාඩු තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන ජෙයිනුලාබ්දීන් යන මවුලවිවරයාද සිට  ඇති බව ඔහු කොමිසමට පැවසුවේය.

සාක්ෂිකරු පැවසුවේ අදාළ මවුලවිවරයා වහබ් වාදය ගැන දේශනා පැවැත්වු අතර සූෆි මුස්ලිම්වරුගේ පාරම්පරික වන්දනා ක්‍රමවලට එරෙහිව කථා කළ බවය.

ඔහු පැවසුවේ 2019 අප්‍රේල් 21 වැනිදා ජාතික තහවුද් ජමාත් සංවිධානය නැතිව ගියද ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන කාත්තන්කුඩියේ තවමත් ප්‍රසිද්ධියේ අන්තවාදි කටයුතු සිදුකරන බවය.

කාත්තන්කුඩියේ අරාබි හා මද්‍රසා පාසල් තුළ වහබ්වාදය ඉගැන්විම සිදුකරන බවත් වහබ්වාදි අන්තවාදි මුස්ලිම් පල්ලි තවමත් රට තුළ ක්‍රියාත්මක බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

ඒ අතර 2011 වසරේ සිට කාත්තන්කුඩියේ අරාබි නාම පුවරු ඉදිකිරීම නගර සභාව මගින් සිදුකරන බවත් එහි සභාපති ලෙස කටයුතු කරන වහබ්වාදි මතධාරියෙකු වන”අස්වර්” නැමැති පුද්ගලයා අද දක්වා එම ධුරයේ කටයුතු කරන බව සංවර්ධන නිලධාරියා ප්‍රකාශ කළේය.

එමෙන්ම කාත්තන්කුඩියේ දරුවන් 6 සහ 7 ශ්‍රේණියෙන් පසුව රජයේ පාසල් වෙත නොයන බවත් ඔවුන් මද්‍රාසා හා අරාබි පාසල්වල ඉගෙනුම ලබන බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More