මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1,000 ක පමණ මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමාන්‍යයෙන් රුපියල් කෝටි 700 ක පමණ වියදමක් මුලදී අපේක්ෂා කළ ද කොවිඩ් 19 පාලනය කිරීමට සිදුවීම හා සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා එම වියදම රුපියල් කෝටි 1,000 දක්වා පමණ වැඩි විය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරු කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූහ.
මැතිවරණය සඳහා යන වියදම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා තිබේ.
සාධාරණ හා අපක්ෂපාතීවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...