දේශීය පුවත්

නව කොරෝනා වෛරසය වැසිකිලි හරහාද සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවයි.

මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළද කොරෝනා වෛරසය නොනැසී පවතින බවත් එය මිනිස් මළ සහ මුත්‍රා වලින් පිටවන බවත් එය වැසිකිළි තුල පවතින බවට චීනයේ Yangzhou සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබේ.

මේ හේතුවෙන් වැසිකිළි ගොස් එය පිරිසිදු කිරිමට ජලය මුදා හරින විට (Flush) වැසිකිලි පියන වසා තැබීම සුදුසු බවයි එම පර්යේෂකයින් සඳහන් කරයි.

වැසිකිළියට ජලය මුදා හැරිමේදී නිකුත්වන ජල බිඳිති හරහා කොරෝනා වෛරසය පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමේ හැකියාවක් ඇති බවයි චීන පර්යේෂකයින් පෙන්වා දෙයි.

පියවි ඇසට නොපෙනන එම ජල බිඳීති වාතයේ රැඳී තිබෙන අතර එමගින් නිරෝගී පුද්ගලයෙකුට වුවද වෛරසය වැළදීමේ හැකියාව ඉහළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

කාර්යාලය තුළ මෙන්ම පොදු වැසිකිලි භාවිතයේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කිරිම වැදගත් බවයි චීන පර්යේෂකයින් විසින් වැඩිදුරටත් සිය අධ්‍යයනයේදී හෙළිකොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More