දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණ අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අදාල ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කිසි ලෙසකින් හෝ වෙනස් වී නොමැති බව ඇමතිවරයා අවධාරණය කරයි.

අද පැවති කැබිනට් තීරණය දැනුම දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය තවත් කල් ඉල්ලා ඇති බවයි. ගිවිසුම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රජය සතුටට පත්වන බවත්, හැකි ඉක්මනින් ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාවය පළකරනු ඇතැයි බලා‍පොරොත්තු වන බවත් තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දිගු කාලයක් බලා සිටීමට ඇමරිකානු රජය සූදානම් නොමැති බව ද තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More