දේශීය පුවත්

තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊයේ (17) රැස්වු කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ අභියෝග රැසකි.

ඒ අතර තේ කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, බොහෝ තේ ආනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කළමනාකරණයේ ගැටලු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන වේ.

මෙකී දුෂ්කරතාවයන් හමුවේ තේ කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය සහනයක් ලෙස, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට තාවකාලිකව අත්හිටවනු ඇත.

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More