GOSSIP

බුකිය රත් කළ දිගම සාරිපොට

September 22, 2017 4:14 pm | Lanka Lead News

ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් දරුවන් 250 ක් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත.

ඊයේ (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෝස්තර නිරූපිකාවක් එහි මනාලිය වූ අතර ලෝක වාර්තාවක් තැබීම පිණිස ඇය මීටර් 3200 ක් පමණ දිගැති පොටකින් යුත් ඔසරියක් හැද සිටියාය.

මෙම යුවල මහනුවර ගන්නොරුව මංසන්ධියට පැමිණි පසු එම ඔසරි පොට අල්ලාගෙන සිටිනු පිණිස පාසල් සිසුන් 250 ක් යෙදවීම ළමා හිංසන ක්‍රියාවක් බවට පාර්ශව කිහිපයකින් ළද පැමිණිලි වලින් පසුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධව පරීක්ෂණයක් අරඹා තිබේ.

ඡායාරූපය: අන්තර්ජාලයෙන්

දිගම මංගල සාරි පොටේ වාර්තාව කාටත් කරදර නැතිව ඉන්දියාව පිහිටවූ හැටි (වීඩියෝ)

මේ ආකාරයේම වාර්තාවක් මින් ඉහත ඉන්දියාවේ පිහිටුවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේය. ඉන්දියාවේ භරුච් නගරයේ නර්මදා නදිය හරහා පාලමක් ඉදිකරන්නට යෙදුණ අවස්ථාවක සැමරුමක් ලෙස මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙයට සහභාගී වූ අතර පාලම විවෘත කරන්නට පෙර පාලම දිගේ සාරිය අල්වා සිටියේ විශේෂයෙන් ඒ සඳහා යෙදවූ තරුණ තරුණියන්ය. පාලමෙන් එපිට ගඟ දිගේ ඔරු මත නැගුණ මිනිසුන්ද එදා උත්සවයට සහය පළකරමින් සාරියේ ඉතිරි කොටස අල්ලා සිටි බව වාර්තා වී තිබේ.
මීටර 3055 දිගට මෙම සාරි පොට ඇද තිබුණි.

කෙසේ වෙතත් එදින පාලම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අදාල අංගයක් වූ නිසා ඉන්දියාවේ මේ කියන වාර්තාව තබන්නට පහසුවක් වූ අතර ඒ සඳහා මාර්ග අවහිර කිරීමක් සිදුවූයේ නැත කිසිවෙකු බලෙන් යොදවා තිබී නැත.

පහත පළවන්නේ එම ගිනස් වාර්තාවට අදාළ වීඩියෝවකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More