දේශීය පුවත්

ගුවන් විදුලි, රූපවාහිණී නාලිකාවල ඕන තරම් මහජන නියෝජිතයින්ට විරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ වාද විවාදවලින් ජනතාවට වැඩක් නැහැ. ඡන්ද දායකයාටත් වැඩක් නැහැ. රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවානම් ජනතාවටත්,ඡුන්ද දායකයාටත් වැඩක් තිබෙනවා. පාර්ලිමේන්තු යන්න නම් ප‍්‍රතිපත්ති ඇතිව ඉදිරි සැලසුමක් තිබෙන්න ඕන යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සහ පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉ`දුරාගාරේ ධම්මරතන හිමිපාණන් අනුරාධපුරයේදී පැවසූහ.

අපි පත්කර ගත් ජනපති දෑතට අතිරේක සවියක් අරුමැසි උරුමය රැුකුමට එනු මැන යනුවෙන් නම් කර තිබූ ඉදිරි සැලසුම ජාතික ජනතා පක්ෂය පසු ගියදා (15) අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී එළිදක්වන ලදී.එම අවස්ථාවට වැඩම කළ උන්වහන්සේ මෙසේද කීහ.

දේශපාලනය කොටස් දෙකයි. එකක් දේශපාලනය අනෙක පක්ෂ දේශපාලනය. දේශපාලනය කියන්නේ පක්ෂ දේශපාලනය නොවෙයි. ඒක ධාරා දෙකක්. දේශපාලනය කිරීමට බලයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව කියන්නේ කථා පවත්වන තැනක් නොවෙයි. ප‍්‍රතිපත්ති හදන තැනක්. විරුද්ධවාදීන්ට දොස් කියන එක ඡුන්දදායකයාට වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ. ජනතාව කියන්නේ ඔයාගෙන් අපට වැඩක් නැහැ කියලා.

පක්ෂ දේශපාලනයේදී එකිනෙකා ඇන කොටා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව රට දිහා බලන අය තමයි හාමුදුරුවන්. මොන පක්ෂයෙන් ආවත් රට ගැන ආගම ගැන හිතන්න ඕන. ප‍්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඉදිරි සැලසුමක් වසර පහට තියෙන්න ඕන.

රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි, කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ මෙහෙමයි කියලා සැලසුමක් තියෙන්න ඕන. එහෙම සැලසුම් තියෙන අය අද ඉන්නවද?බොහෝ අය මාධ්‍ය මගින් බැණ ගත්තාම හරි කියලා හිතන අය. ප‍්‍රතිපත්ති ඇති ඉදිරි සැලසුමක් ඇති අයෙක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයෙක් හැටියට ඉන්නවාද?

මේ රටට වැදගත් වන්නේ මුහුණු නොවෙයි. වැදගත් වන්නේ මේ රටට සහ ආගමට ආදරය කිරීම පමණයි. ඒ අඩුපාඩු දැකලා මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ හිටපු කළමනාකරු දේශමාණ්‍ය ප‍්‍රශාන් රාජපක්ෂ මහතා ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත්වී සිටිනවා. ඔහු අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ එම පක්ෂයේ කණ්ඩායම් නායකයා.

ඔහු රට ගැන හිතනවා. රටට ආදරය කරනවා.එකම ආකාරයට හිතන්නේ නැතිව විවිධ ආකාරයට හිතනවා. අලෙවිය පිළිබ`ද වසර දහයක පළපුරුද්දක් තිබෙනවා. රට හදන්න ඕනකමක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුවට යන අය කරන්නේ කථා පවත්වන එක විතරයි. වෛරය ,ක්‍රෝධය ද්වේශය විතරයි.ප‍්‍රතිපත්ති නැහැ.අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හැමදාම මන්ත‍්‍රීවරු හිටියා ,හැමදාම රජරට ගොවියා වට්ටක්කා වගා කළා. නමුත් ඒ වට්ටක්කා විකුණා ගන්න බැරිව දැන් අවුරුදු ගාණක් වට්ටක්කා පාරවල්වල දමා යනවා. අඩුම තරමින් වට්ටක්කාවලින් දෝසි හදමු කියලා වත් කියන්න ශක්තියක් ඇති මන්ත‍්‍රීවරයෙක් අනුරාධපුරයේ හිටියේ නැහැ.

මෙම අවස්ථාවට ජයගග විහාරාධිපති මැණික්හින්නේ ධීරානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නය සමග දේශමාණ්‍ය ප‍්‍රශාන් රාජපක්ෂ මහතා ඇතුළු ක‍්‍රියාකාරීන් සහභාගී වූහ .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More