දැනට පවතින තත්ත්වය මත මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර අටක් දිනා ගැනීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය. ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ක්‍රියාකාරී කමිටුව බදුරලියේදී අමතමින් ඔහු මේ බව පැවැසීය. එහිදී තවදුරටත් කතා කළ හිටපු මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
‘‘ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් මේ රටට එඩිතර, පැහැදිලි, නිවැරදි නායකත්වයක් ලැබී තිබෙනවා. ඔහුගේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති මාලාව විශිෂ්ටයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබීම අත්‍යවශ්‍යයි.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ඊනියා ජවිපෙ බලාපොරොත්තු වුණේ, හීන දැක්කේ කොරෝනා රෝගය ඉදිරියේ ගෝඨාභය අන්ත අසරණ වෙලා හොඳටම අනාගනී කියලා. ඒ අය බලා හිටියේ කොරෝනා නිසා ලංකාවේ මරණ දෙතුන් සීයක් වේවි කියලා. එසේ වූවා නම් එන්.ජී.ඕ. කාරයොත් ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න, මැරුණ පවුල්වල අයගේ වගකීම බාර ගනින්, තවත් මිනිස්සු මරන් නැතුව ගෝඨාභය ගෙදර පලයන් කියන්න. ඒත් ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය නියම තැනින් අල්ලා ගත්තා. ඒ අනුව කටයුතු කළා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ තම වගකීම් නිසි ලෙස ඉටු කළා.’’

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...