පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා (පාස්කු ඉරිදා) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉම්සාෆ් අහමඞ් නමැති බෝම්බකරුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා විසින් පවත්වාගෙන ගියේ යැයි කියන මුන්දලම මද්‍රසා පාසලේ ඉගැන්වීම් සඳහා යොදාගෙන ඇති පොත් 03 ක සඳහන් කරුණු මානසික ප‍්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් කරන්නේ දැයි ළමා මානසික විශේෂඥ වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (17දා) නියෝග කළේය.
එම පොත් තුනෙහි සිංහල සහ ඉංග‍්‍රීසි පරිවර්තන පිටපත් මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.
සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා නිරීක්‍ෂණය සඳහා හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඔහු නිරීක්‍ෂණය සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 01 දා නිකුත් කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.
කිංග්ස්බරි හෝටල් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන ඉන්සාෆ් අහමඞ් නමැත්තාගේ නිවසේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ඞී. වී. ඞී. පට කිහිපයක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමටද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
සිය සේවාදායකයා වන නීතිඥ හිජාස් හිස්බුල්ලා පෙර කී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇතත් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කළ හැකි කිසිදු සාක්‍ෂියක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව එම සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැවසීය.
කිංග්ස්බරි බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් නමැත්තා පාර්ශවකරුවකු වූ සිවිල් නඩුකර දෙකකට නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිටීම පමණක් සිදුකර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා එම නඩුකර දෙක ද 2014-2015 වසරවල දී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සිය සේවාදායකයා වෙත යොමු කළ නඩු දෙකක් බව කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...