දේශීය පුවත්

ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම ගැන වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්‍ර, ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ නායක එන්. ග‍්‍රීකාන්තා සහ ඊළාම් තමිලර් පක්‍ෂයේ ලේකම් ආනන්දි සසිතරන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ද්‍රවිඩ දේශපාලන නායකයන් හිටපු කොටි මුදාහරින ලෙස ඉල්ලා සිටියත් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා දිගටම ගෙන යන බව බුද්ධි අංශ රජයට දන්වා තිබේ.

විග්නේශ්වරන් ඇතුළු පිරිස මෙම හිටපු කොටි හඳුන්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් යනුවෙනි.

එසේම මෙම හිටපු කොටින්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසද ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More