මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට සංඝ ආඥාවක් පැනවියයුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මංගල සමරවීර මහතා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති මතභේදාත්මක twitter පණිවිඩය පිළිබඳව යූ ටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර twitter පණිවිඩයේ සඳහන් කර තිබූ අතර මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවටද සටහන් කර තිබුණි.
මෙරට ථේරවාදී බුදු දහම මෙන්ම මහා සංඝරත්නය තලෙේබානුවන්ට සම කරමින් කරන ලද බරපතල ප්‍රකාශයට එරෙහිව ත්‍රෛයිනාකායික මහා නාහිමිවරුන් මෙන්ම සමස්ථ භික්ෂූන්වහන්සේම නැගී සිටිය යුතු බවත් සංඝ ආඥාවක් පනවා ඔහු බෞද්ධත්වයෙන් ඉවත් කළ යුතු බවත් විපස්සි හිමි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
සම්පූර්ණ වීඩියෝව පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...