දේශීය පුවත්

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

සෞඛ්‍යාරක්ෂිත, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා අතර හමුවක් සිදු විය.

කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළ බවත් එය මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ මෙහෙයුමක් බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මාස කිහිපයක් අනුගමනය කළ එම සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ජනා‍ධිපතිවරයා එහිදී පවසා තිබේ.

මේ අතර මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කරගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී පවසා තිබේ.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම මෙම හමුවේදී සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.

මහජන රැළිවලට සහභාගී විය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කිරීමෙන් මැතිවරණය සාර්ථක කර ගැනීමට හැකි වන බව ද ඔහු මහතා පවසා තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දී ඇත.

ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කර තිබේ.

එසේම සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය සහාය ලබා දීමටද ජනාධිපතිවරයා එහිදී එකඟතාව පළකර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More