දේශීය පුවත්

මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමේදී මැතිවරණ කොමිෂන් සභාවද කිසියම් නම්‍යශීලිභාවයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවට පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නියෝජිතයින් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් ද එක්ව ඇත.

මහ මැතිවරණයේ මනාප අංක ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී දේශපාලන පක්ෂ කාර්යාලවල අපේක්ෂකයින්ගේ මනාප අංකය සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර ඉතා උණුසුම් කථාබහක් සිදුව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පක්ෂවල ඉල්ලීමට කිසියම් එකඟතාවක් පළකර ඇතත් කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා ඊට කිසිදු එකඟතාවයක් පළකර නොමැති බව වාර්තා වේ.

සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම කාරණය දැඩිව අවධාරණය කර ඇති අතර කොමිසමේ සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයින් දෙදෙනා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ මනාප අංක සහ ඡායාරූප පළකිරීම නීත්‍යානුකූලවම සිදුවිය යුතු බවය.

එහෙත් පසුගිය මැතිවරණවලදී මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර කිසියම් එකඟතාවයකට අනුව මනාප අංක සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සිදුකර ඇති බව ද එම අවස්ථාවට එක්වූ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More