දේශීය පුවත්

පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් විභාග මධ්‍යස්ථාන පරීක්ෂකයන් ලෙස යොදා ගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්න වීමට කටයුතු කරන බව පවසා සිටී. පැවැත්වීමට නියමිත අ.පො.ස( උසස් පෙල ) සහ පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විහාග පරීක්ෂකවරු ලෙස පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන් යොදා ගැනීම පිණිස රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ලංකා ගුරු සේවා සංගමයේ මහ ලේකම් ජෝෂොප් ස්ටාලින් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝෂොප් ස්ටාලින් මහතා පවසා සිටියේ ” මෙම ක්‍රියා මාර්ගය පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නීතියානුකූල කිරීමේ පියවරක් ලෙසයි අප දකින්නේ.ඊට සමාන්තරව රජයේ පාසල්වල තත්වය පහත හෙලීමටත් රජය මෙම ක්‍රියා මාර්ග මගින් කටයුතු කරනු ලබනවා.” යැයි පැවසුවේය.

ජෝෂොප් ස්ටාලින් මහතාට අනුව රජය ගෙන ඇති මෙම තීරණය මගින් විධිමත් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියකට අනුව සිදුවූ රජයේ ගුරු පත්වීම් සහ එසේ නොවන පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ගුරු පත්වීම් එකම මට්ටමේ ලා සැලකීම නොකළ යුත්තක්. තවද ඔහු පෙන්වා දෙන්නේ රජයේ පාසල් 10174ක උගන්වන ගුරුවරුන්ගේ මතය නොවිමසා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ මතයට අනුව විභාග පැවැත්වීමට කටයුතු කිරීමද රජයේ පාසල් ගුරුවරයා හෑල්ලුවට ලක් කිරීමකි.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාට අනුව රජය වහාම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් විභාග පරීක්ෂකයන් ලෙස බඳවා ගැනීම අත් හිටුවනු නොළැබුවහොත් එම සංගමය දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More