මැතිවරණයක් පැවැත්වෙමින් තිබියදී රට තුළ උද්ගතවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් සදහන් කරති.
මේ දිනවල දිවයිනේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැරවර සිද්ධීන් වල යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා යැයි ප්‍රකාශයක් කළ උන්වහන්සේ තවදුරටත් මෙසේ සදහන් කළහ.
මැතිවරණ කාල වකවානුවක් එළඹ ඇති අවස්ථාවක රට තුල සාමය පවත්වා ගැනීමත් ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් මර්ධනය කර ගැනීමටත් රජය මෙම අවස්ථාවේ දී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
ප්‍රචණ්ඩත්වය මේ රටේ කිසිදු අයෙකු අනුමත කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුගිය අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරෙනු දක්නට ලැබුණා. වර්තමානයේ දී යළිත් ඒවා උද්ගත වෙනවා. අනිකුත් විවිධ කාර්යයන් මුල්කරගෙන ප්‍රචණ්ඩකාරී ඝාතනයන් සිද්ධ වෙනවා. සොරකම් ආදිය ද සිද්ධ වෙනවා.
එම කටයුතු පාලනය කර මර්ධනය කරන ලෙස ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට මේ අවස්ථාවේදී සිහිපත් කරන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කරති.
නදීක දයා බණ්ඩාර – මහනුවර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...