දේශීය පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන රටවල කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම විශේෂ ලක්ෂණයක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ දී හිටපු අගමැතිවරයා පෙරේදා (13දා) මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අපි අද මේ විහාරස්ථානයෙන්, ඊට පස්සේ පිටකොටුවේ මුස්ලිම් රතු දේවස්ථානයෙන් ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයෙන්, සිවම් කෝවිලෙන් සහ ගංගාරාමයෙන් අවසන් කරනවා. මේ ඡන්ද ව්‍යාපාරය කොරෝනා වයිරසය පැතිරෙන්නේ නැති විදිහට තමයි අනාගතයේ දී ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ ආගමික සිද්ධස්ථානයෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ. අපි ඒ ආගම්වලට සලකන නිසා.

රටේ ප්‍රමුඛස්ථානයත් සංස්කෘතියත් රඳා පවතින්නේ බුද්ධ ධර්මය මතයි. අපි ආරක්ෂා කළ ඒ බුද්ධ ධර්මය අද අග්නිදිග ආසියාවටත් පැතිරිලා තිබෙනවා. ඒකේ එක ලක්ෂණයක් මම පසුගිය මාස කිහිපයේ දැක්කා. ලෝකයේ කොරෝනා වයිරසයෙන් මරණයට පත් වුණ සංඛ්‍යාව අඩුම රටවල් හැටියට ගන්නවා නම් ඒ තියෙන්නේ අග්නිදිග ආසියාවේ තියෙන ථෙරවාද බෞද්ධ රටවල් විශේෂයෙන්ම තායිලන්තය, කාම්බෝජය, මියන්මාරය සහ ලංකාවත් හඳුන්වන්න පුළුවන්. බුද්ධ ධර්මය තිබෙන භූතානයේත් මරණ නැහැ. මම හිතන්නේ අපේ ආගම ධර්මය ඒකට හේතුවක්. ආයිත් කොරෝනා වයිරසය නොතිබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම දෙවැනි වටයක් එනවා නම් මේ ධර්ම ශක්තියෙන් ඒ කොරෝනා වයිරසය අපට ජයගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More