දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට විශාල පිරිසක් උත්සහ දරන නිසා සියලූම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

දෙමළ ජනතා දේශීය පක්ෂය  විසින් නිල වෙබ් අඩවියක් ආරම්භ කර ඇති අතර ඒ ඔස්සේ ලෝකයේ සිටින දෙමළ ජනතාවට පණිවුඩයක් නිකුත් කරන එම පක්ෂයේ නායක සී. වී. විග්නේශ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට සමත් කිසිම දේශපාලන පක්ෂයක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී නැති බවයි.

දෙමළ ‘දේශපාලන සිරකරුවන්’ නිදහස් කර ගැනීමත් යුද සමයේදී අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටුකර ගැනීමත් යන ප‍්‍රශ්න දෙක හැරුණු විට දෙමළ ජනතාවට ඉටු කරගැනීම සඳහා තවත් අරමුණු රාශියක්ම ඇති බව සඳහන් කරන පක්ෂ නායකයා මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයා දීමට ලෝකයේ සිටින සියලූම දෙමළ කොටස් උනන්දු විය යුතු බවත් සඳහන් කර තිබේ.

මුදල් බැර කිරීම සඳහා විශේෂ ගිණුමක් හඳුන්වාදී ඇති විග්නේශ්වරන් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ එම ගිණුමට බැර කරන මුදල් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මිස දේශපාලන කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට යොදා නොගන්නා බවයි.

මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් යම් ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීම තමාගේත් තම පක්ෂයේත් අරමුණ බව කියන විග්නේශ්වරන් මහතා මේ ගෙන යන දේශපාලන අරගලයට සමස්ත ලෝකයේම දෙමළ බලවේගවල සහය ලබා දෙන මෙන් ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More