දේශීය පුවත්

මහජනයාට ණය ලබා දෙන ආයතන රැසක් ක‍්‍රියාත්මක වන අතර ඒ සියල්ල නියාමනය කිරීම සඳහා ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මහ බැංකුවේ උසස් නිලධාරියෙක්  පැවසීය.

මුදල් අමාත්‍යංශය යටතේ මේ ආයතනය පිහිටුවීමට නියමිත අතර මීට අදාළ පනත් කෙටුම්පතක් පසුගිය රජය යටතේ සකස් කර කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බවද පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති නිසා එය දැනට අතරමග නතර වී ඇති බවද ඔහු කීවේය.

ණය නියාමන අධිකාරියක් පිහිටුවීමේ එම පනත් කෙටුම්පත වත්මන් රජය යටතේ මුදල් අමාත්‍යංශය විසින් මහ බැංකුවට එවා එය මහ බැංකුව විසින් පරීක්ෂා කර නැවත මුදල් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද ඔහු කීවේය.

එය ඉදිරි පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, දැනට ණය සපයන එවැනි ආයතන රැුසක් ලියාපදිංචි වීමකින් තොරව විවිධ කොන්දේසි යටතේ මහජනයාට ණය සපයමින් පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

එසේම මහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිදු ආයතනයකට ලීසිං පහසුකම් ලබා දිය නොහැකි බවත්, මේ නිසා ලීසිං පහසුකම් ලබා ගැනීමට පෙර එය මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් ද යන්න විමසා බලන ලෙසත් ඔහු මහජනයාට දැනුම් දෙයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැන විමසිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

බොහෝ වාහන සේල් පවත්වන ආයතන ඔවුන්ගෙන් වාහන මිලදී ගැනීමේදී මූල්‍ය පහසුකම් සපයා දෙන බවත්, එහිදී ඔවුන් ලීසිං පහසුකම් කියා බොහෝ විට ලබා දෙන්නේ කුලී සින්නක්කර (්‍යසරු ඡුමරජය්ිැ) ක‍්‍රමය යටතේ ගිවිසුමක් බවත් ඔහු සඳහන් කළේය. මේ නිසා මෙසේ ලබා දී ඇත්තේ ලීසිං පහසුකම් ද යන්න දන ගත හැකි වන්නේ ඒ සඳහා ලබා දී ඇති ගිවිසුම පරීක්ෂා කිරීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

නීති විරෝධී ලෙස මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතන ලීසිං පහසුකම් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව මහ බැංකුව පියවර ගත හැකි බවද, ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි ඇත්නම් වහාම මහ බැංකුවට පැමිණිලි කරන ලෙසද එම මහ බැංකු උසස් නිලධාරියා කීවේය.

මෙරට මූල්‍ය පනත් හා නීතිරීතිවලට පටහැනිව යමින් සහ විවිධ උපක‍්‍රම මඟින් ආවරණ සලසාගෙන ඇති මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම්, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, 11,000 කට අධික ප‍්‍රමාණයක් රට පුරා ක‍්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් හා ආයතන කරා ගොස් තැන්පත් වෙනුවෙන් වැඩි පොලියක් ලබාගැනීමට මෙන්ම වාහන සඳහා පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් ඇති හැකියාව නිසා ජනතාව මේ ආයතන කරා යොමු වන බවද ඔහු සඳහන් කළේය.

මිරිහානේදී ඉකුත්දා පුද්ගලයකුට පහරදී ඝාතනය කළ බවට සම්බන්ධ යැයි කියන මූල්‍ය ආයතනයද මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නොවන බව සඳහන් කළ ඔහු අදාළ වාහනය සඳහා මුදල් ලබා දී ඇත්තේ ලීසිං ක‍්‍රමය යටතේද කුලී සින්නක්කර ක‍්‍රමය යටතේ ද යන්න තීරණය කිරීමට ඔවුන්ගේ පොත්පත් පරීක්ෂා කළ යුතු බවද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More