දේශීය පුවත්

තම ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීම පිළිබඳව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ​ෙජනරාල් සුරේෂ් සලේ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාට එන්තරවාසියක් යවා ඇත.

මේජර් ​ෙජනරාල් සුරේෂ් සලේගේ නීතිඥ පසන් වීරසිංහ විසින් ඩී.එච්.එල්. කුරියර් සේවාව මගින් ලන්ඩනයේ පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට හා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ මූලස්ථානයට මෙම එන්තරවාසිය යවා තිබේ.

සක්‍රිය සේවයේ නිරත නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

සුරේෂ් සලේ ඇතුළු නිලධාරීන් පස්දෙනකු ඉකුත් මැයි 22දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ​ෙජනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව යස්මින් සුකා එම නිලධාරීන් විවේචනය කරමින් පසුගිය ජුනි 01දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා නමැති දැනට ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂික මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූ බව හා තවත් සාවද්‍ය චෝදනා නගමින් යස්මින් සුකා සුරේෂ් සාලේට එරෙහිව නිවේදනය නිකුත් කර තිබිණි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැගුණු නිලධාරියකු මේජර් ​ෙජනරාල් සුරේෂ් සලේගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවද යස්මිත් සුකා ප්‍රකාශ කර තිබිණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවන කාලය වනවිට සුරේෂ් සලේ විදෙස්ගතව සිට ඇත. එවැනි පසුබිමක් තුළ මෙම සාවද්‍ය චෝදනා නගා ඇතැයි සුරේෂ් සාලේගේ නීතිඥවරයා පෙන්වා දෙති.

කීර්ති නාමයට හානි සිදුවීම මෙන්ම මේජර් ​ෙජනරාල් සුරේෂ් සාලේයිගේ පුද්ගලික දත්ත අනාවරණය කරමින් කටයුතු කිරීම මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට යස්මින් සුකා පියවර ගෙන ඇති බවද එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

ඉල්ලා ඇති වන්දි මුදල දින දාහතරක් තුළ නොදුණහොත් අයි.ටී.එල්.පී. (ITLP) ‍‍වෙබ් අඩවිය මගින් යස්මින් සුකා කළ අපහාසාත්මක ප්‍රකාශයන්ට එරෙහිව මෙරට අධිකරණය හමුවේත් ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More