දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහයන්ගේ සිව් වැනි ගුණ සැරුම අදට යෙදී තිබුණු අතර මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනමා එතුමන් හට පිං පෙත් පැමිණවීම ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණන්ගේ මූලිකත්වයෙන් දක්ෂිණාරාම විහාරස්ථානයේ දී අද(14) පෙරවරුවේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සෝමවංශ අමරසිංහයන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරි, වෛද්‍ය රුහුණගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

සෝමවංශ අමරසිංහයන් පිළිබඳ ගුණකථනයක් සිදු කරමින් පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි පෙන්වා දුන්නේ  ශ්‍රී ලංකා ඉතිහාසයේ හමුවන කිර්ති විජේබාහු , වලගම්බාහු හෝ ධාතුසේන වැනි උපායමාර්ගික විශිෂ්ටයන්ට හිමි වු ස්ථානය සෝමවංශ අමරසේනයන්ටද හිමි විය යුතු බවය. ඔහු දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණක් බවත්, ඔහු විසින් ඉටුකළ ඓතිහාසික භූමිකාව නොවන්නට අද අප සුඩානය මෙන් බෙදී වෙන්වී එකිනෙකා මරා ගන්නා අවාසනාවන්ත ජාතියක් බවට පත්වන්නට ඉඩ තිබුණු බව අවධාරණය කර සිටියහ.

එපමණක් නොව මහා විහාරය ගිනි තැබූ මහසෙන් රජු ඉතිහාසය විසින් මහසෙන් දෙවියන් බවට පරිවර්ථනය කළ ආකාරයටම සෝමවංශ අමරසිංහයන්ට ද ඉතිහාසය විසින් සාධාරණය ඉටු කරනු ඇති බවද උන්වහන්සේ පවසා සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More