ඊයේ රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක ඡන්දයෙන් තේරී ජනප්‍රියම නළුවා සම්මානය ලබාගත්තේ තුමිදු දොඩම්තැන්නයි. ඔහු කූඹියෝ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා මෙම ඡන්ද ලැබී තිබුණ අතර කූඹියෝ මෙවර ජනප්‍රියම ටෙලි නාට්‍යයද විය.එය හොදම ටෙලි නාට්‍ය තරගයට ඇතුළත් වනු ඇත්තේ ලබන වසරේදීය.
ජනප්‍රියම නළුවා සම්මානය ලබාගන්නා අවස්ථාවේ
තුමිදු වෙත අදහස්
දක්වන්නට නිවේදිකාව යොමු කළ පැනයේදී ඔහු තරමක අමුතු කථාවක් සිදු කළේය.
‘මේ සිස්ටම් එක හරිම අප්සට්. මේ සම්ම්මානය විසින් පෙන්වන්නෙ මේ අප්සට්, මේ විසඳිය යුතු , මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිලිබඳ ඔවුන්ට තිබෙන විරෝධය පිළිබඳ සංකේතාත්මක සම්මානයක් විදියට තමා ඔවුන් විසින් ජනප්‍රිය සම්මානය විදියට අරන් දීල තිබෙන්නෙ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...