දේශීය පුවත්

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම කොස්තාපල්වරයා අද (14) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය 11 වැනිදා රාත්‍රී තුන්මුල්ල ප්‍රදේශයේදී මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු රැගත් යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් කොස්තාපල්වරයෙකු අද අලුයම මියගොස් ඇත.

මියගිය පොලිස් කොස්තාපල්වරයා 22 හැවිරිදි වියේ පසුවන්නෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

පසුගිය 09 වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලය සඳහා අතිකාල දීමනා ඇතුළු ගෙවීම් සිදු කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 79කට ආසන්න මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරු මෙම අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය  බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික නිලධාරීන් වන මෙම මියගිය පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙකු කටයුතු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More