අන්තවාදී සහරාන් කල්ලිය සහ ඔවුන්ගේ අයිසීස් සබඳතා ගැන 2016 වසරේදී හමුදා බුද්ධි අංශය සොයා ගෙන තිබුණත් හිටපු ප‍්‍රබල ඇමැතිවරයෙක් හා හිටපු මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් සහ මුස්ලිම් සංවිධානයක ප‍්‍රධානියෙක් එම තොරතුරු වසන් කර ඇත.
මෙම ප‍්‍රබල ඇමැතිවරයා බුද්ධි අංශ විසින් කිසිම අයිසීස් කි‍්‍රයාකාරකමක් ගැන තොරතුරක් සොයා ගෙන නැති බවට ප‍්‍රසිද්ධියේ සාවද්‍ය ප‍්‍රකාශයක් කර තිබේ.
මේ නිසා සහරාන් කල්ලියේ ඉදිරි සැලසුම් ගැන නිරීක්ෂණය කිරීම හමුදා බුද්ධි අංශය විසින් අත්හිටුවන ලදී.
හමුදා බුද්ධි අංශයේ නම භාවිත කරමින් මේ හිටපු ප‍්‍රබල ඇමැතිවරයා සහරාන් කල්ලියේ අයිසීස් මෙහෙයුම් ගැන සෙවීම වැළැක්වූවා යැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
එසේම සහරාන් කල්ලියට අදාළ කිසිදු තොරතුරක් හමුදා බුද්ධි අංශයෙන් ලබා ගැනීමට ත‍්‍රස්ත මර්දන ඒකකය ද කි‍්‍රයා කර නැත.
හමුදා බුද්ධි අංශ ආරංචි පැවසුවේ පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමට හමුදා බුද්ධි අංශයට ඉඩ තිබුණත් රහස් පොලිසියේ ප‍්‍රධානී ශානි අබේසේකර වනාතවිල්ලූව අන්තවාදී කඳවුර පරීක්ෂා කිරීම හමුදාවට තහනම් කර තිබූ බවයි.
රහස් පොලිසිය සහරාන්ලා ගැන සෙවීම වෙනුවට හමුදා බුද්ධි කි‍්‍රයාකාරීන් ගැන සෙවීමේ යෙදුණා යැයි එම ආරංචි මාර්ග පළ කළේය.
හමුදා බුද්ධි අංශ විසින් ඉමාඞ් නමැති අන්තවාදියා අයිසීස් ත‍්‍රස්තයන් හමුවීමට තුර්කිය හරහා සිරියාවට ගොස් තිබූ බව ද සොයාගෙන තිබිණි.
ඉරිදා දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...