දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරෝධායන නීතිවලට සම්බන්ධ විදේශ නිරීක්ෂකයන් මාසයකට පෙර ගෙන්වා ගැනීමට අනුමැතිය ලබාදෙන ලෙස ෆැපරල් සංවිධානය මැතවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කළ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

ඒ අනුව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජික රටවල් 15-25ත් අතර පිරිසක් ගෙන්වීමට සැලසුම් කර ඇත.

එසේ පැමිණෙන සාමාජිකයන් දැනට ආසියාවේ වැඩි වශයෙන් කොරෝනා ව්‍යසනය ඇති ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වැනි රටවලින් බැහැරව කැඳවීමට තීරණය කර තිබේ. එසේ පැමිණෙන සාමාජිකයන් රට තුළට ඇතුළුවීමෙන් පසු දින 14ක් නිරෝධායනයට ලක් කිරීමටද තීරණය කර ඇත.

දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ඒ සඳහා තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිසම පැවසූ බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. විදේශ නිරීක්ෂකයන් කැඳවීමට හැකිවුවහොත් එය කොරෝනා පවතින තත්ත්වයක් තුළ ඡන්දයක් විදේශ නිරීක්ෂණය සමගින් පැවති රටක් වශයෙන් ලබන ජයග්‍රහණයක් බවද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More