දේශීය පුවත්

එළඹෙන මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදී ඇති ප්‍රබලයන් දහයකට වැඩි පිරිසක් ඉදිරියේදී එම කණ්ඩායම්වලින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද සිටින බව වාර්තා වේ.

ඉදිරි ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිත තත්ත්වය මත මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමෙන් පළක් නොවන තත්ත්වයක් නිසා ඉන් වැඩි පිරිසක් මෙසේ ඉවත් වීමට තීරණය කර තිබේ. තවත් පිරිසක් නායකත්වය පිළිබඳ කලකිරී එම තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව සමගි ජන බලවේගයේ අපේක්ෂා කළ තනතුරු නොලැබීමත්, ආසන හා බල මණ්ඩලවල තනතුරු නොලැබූවන් මෙසේ ඉවත් වීමට නියමිතය.

පසුගිය සතියේ අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා දීමෙන් පසුව ජාතික සමගි බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංගල සමරවීර හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ බෙනට් ප්‍රනාන්දු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන අයද මැතිවරණ තරගයෙන් ඉවත් වූහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More