දේශීය පුවත්

මේ රටේ ජනතාවගේ අනාගතය ගොඩනඟන්න නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය ලබාදිය යුතු බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පො‍ෙලාන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජුනි 13වැනිදා පෙරවරුවේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවැති ඒ මහතාගේ මැතිවරණ ප්‍රචාරක දෙවන මාධ්‍ය හමුවේදීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. මේ රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන්නනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි. නැතිනම් වෙන්නේ එදා මට වුණ දේමයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මා කියන දේ කළේ නැහැ. දෙන්නා දෙපැත්තේ. එහෙම වුණාම රජයක් ගෙන යන්න බැහැ. රජයක් ගෙන යන්න නම් එක ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.රටට ආදරය කරන ජනාධිපතිවරයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා.

නතාව බුද්ධිමත්ව සිතා බලා පාර්ලිමේන්තු බලය ජනාධිපති ගෝඨාභය මහතාට ලබාදිය යුතුයි. රටේ ජනතාවගේ ආර්ථික දුගීභාවය තුරන් කිරීමට හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ විතරයි. විපක්ෂයේ කතාවලට හසුවෙන්න එපා. එහෙම වුණොත් මේ රට යළි ආපස්සට යනවා. මේ කොරෝනා තත්ත්වය නිසා මේ රට විතරක් නොව මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටුණ මේ අවස්ථාවේ කළ යුත්තේ පක්ෂ පාට නොබලා එකට සිට රට ගොඩ නැගීමට එක්විය යුතුයි.

මේ රටේ සියලුම දෙනා එක් වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, පොහොට්ටුව ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතුයි. දේශපාලන කුහකකම් අත්හැරිය යුතුයි. විපක්ෂය කොපමණ මඩ ගැහුවත් වැඩක් නැහැ. මෙවර අනිවාර්යයෙන් පොහොට්ටුව ජය ලබනවා. මාධ්‍යවේදීන් කිහිප දෙනකු මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න ඇසීය. පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමාට චෝදනා තියනවා. හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒවාට උත්තර දී ඇති බවයි. හිස් මිනිසුන් දේශපාලන අඳ බාලයන් ඕවාගේ කතා කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයෝ මේ රට හොඳට ගෙන යන බවද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More