වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ.
අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කළේය.
සී.එන්.එන් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් අද වාර්තා කර තිබුණේ අනොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල, එම්.එම්.පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩි.පෙට්‍රග්ලියා සහ පැට්රික් රොබට්ස් යන ජාත්‍යන්තර සහ මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් පසුගිය වසරේ පාහියංගල ලෙන ආශ්‍රිතව පර්යේෂණයක් ආරම්භ කර තිබූ බවයි.
ලෙනෙහි තිබී සොයාගත් අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍ය විශ්ලේෂණයේදී ආදි මානවයා සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණ වී ඇතැයි එම වාර්තාවල දැක්වෙයි.
දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද ලෙස සැලකෙන පාහියංගල ලෙන් ගුහාවෙන් පසුගිය වසරේ දී වඳුරන්ගෙන් සහ ලේනුන්ගේ ද අස්ථි කොටස් හමුවුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින් මෙම සොයා ගැනීම සැලකෙන්නේ මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද සාක්ෂි අභිබවා යාමක් ලෙසයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...