දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පාලනය කිරීමේදී පොලිසියේ ක‍්‍රියාකලාපය වත්මන් රජයේ ප‍්‍රතිපත්තියට අනුව අනුමත නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ  මූලස්ථානයේ ඊයේ (12 වැනිදා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

‘‘ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරියේ මේ විරෝධය පාන්න ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුව තිබුණා. උසාවි නියෝගයක් නිසා තමයි පොලිසිය හා විරෝධතාකරුවන් සමග ගැටුමක් ඇතිවුණේ. එම විරෝධයට පොලිසිය කඩා පැනලා උසාවි නියෝග අනුව කටයුතු කරලා අනවශ්‍ය ගැටුමක් ඇති වුණා. පොලිසියේ හැසිරීමේ ක‍්‍රියාකලාපය අනුමත කළ නොහැකියි. මෙය රජයේ ප‍්‍රතිපත්තියට අනුව අනුමත කළ නොහැකි ක‍්‍රියාවක්. විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡුා කරලා තීරණ අරගෙන උසාවි ගියා නම් කමක් නැහැ. මේ නිසා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති එහෙන් පිටින්ම කෙළෙසන බව කිව යුතු වනවා. එසේම මේ සිද්ධිය රජයේ ප‍්‍රතිපත්තියට සිදු වූ බලවත් හානියක් ලෙස දකිනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More