දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්‌ටේ්‍රලියාව වරද පිළිගෙන තිබීම හේතුවෙන් ස්‌ටීවන් ස්‌මිත්ට නායකත්වයෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ඒත් සමග තරගයේ ඉතිරි කොටස සඳහා ඔස්‌ටේ්‍රලියා පිලේ නායකයා වශයෙන් ටිම් පේන් නම් කිරීමට බළධාරීහු තීරණය කර තිබේ.
ස්‌මිත් ඉන් ඉවත් වීමත් සමග උප නායක ඩේවිඩ් වෝනර්ටද උප නායකකමින් ඉවත් වීමට සිදුව්ය.
ඒ අනුව අදාළ වරද සිදුකළ කැමරන් බැන්ක්‍රොෙට් හට බොහෝ දුරට තරග මුදලින් හරි අඩක් හෝa සම්පූර්ණ තරග මුදල දඩයක් වශයෙන් ගෙවීමට සිදුවනු ඇති බවට වාර්තාවන අතර ඔහුට අවගුණ ලකුණු 3 ක් හෝ 4 ක් එක්‌වනු ඇත.
බැන්ක්‍රොµaට් විසින් අතෙහි යම් කහ පැහැති දෙයකින් පන්දුව පළුදු කරන අයුරු කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි.
ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිකට් සම්බන්ධ විවිධ පාර්ශ්වයන් මෙම සිදුවීම හෙලා දැක තිබෙන අතර ඇතැමෙක් නායක ස්‌ටීවන් ස්‌මිත්හට නායකත්වයෙන් ඉවත්වන ලෙසද කල්තියාම පවසා තිබුණි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්‌මිත් ආරම්භයේදී, තමන් හිතන පරිදි නායකත්වයට මේ අවස්‌ථාවේ සුදුසුම තමා බවත්a, සිය නායකත්වය යටතේ මෙවැනි දෙයක් නැවතත් සිදු නොවන බවත් පවසා තිබුණද අවසානයේ නායකත්වයෙන් ඉවත් වීමට සිදුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...