මිරිහාන කල්බදු ගෙවීමේ මූල්‍ය ආයතනයක (ලීසිං සමාගම* මැර සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්ව මරුමුවට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ මහතා පසුගිය 10 වැනිදා සවස එම සමාගමේ සේවකයන්ගේ පොලූ පහර කෑමෙන් බිම ඇදවැටීමෙන් පසු මෙම ජංගම දුරකථනය අස්ථානගත වී ඇතැයි පොලිසිය කියයි.
කෙසේ වෙතත්, එම අස්ථානගත වී තිබූ ජංගම දුරකථනයට පසුගිය 10 වැනිදා කීප අවස්ථාවකදී ඇමතුම් ගැනීමට උත්සාහ කිරීමේ දී එය රාත‍්‍රී 9.30 දක්වා ක‍්‍රියාත්මකව පැවැති බවත්, පසුව එය විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි.
අදාළ ජංගම දුරකථනයේ තවත් වැදගත් තොරතුරු රැසක් ඇතැයි සැක කරන බවත්, ඒ අනුව ජංගම දුරකථනය සොයා ගැනීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.
සුනිල් ජයවර්ධන මහතා අදාළ කල් බදු ආයතනයෙන් සිය සංගමයේ සාමාජිකයාට සිදු වූ අසාධාරණය හා කල්බදු සමාගම්වලින් සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා ප‍්‍රකාශ කරන වීඩියෝවක් ජංගම දුරකථනය හරහා මුදාහැර තිබිණි. මේ හේතුවෙන් එම ස්ථානයේ සිටි තවත් සේවකයකු මෙම ජංගම දුරකථනය සොරා ගත්තේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කල්බදු සමාගමේ කළමනාකරු සහ සේවකයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරුවන් මහරගම, අංගොඩ, බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ඝාතනයට ලක්වූ සුනිල් ජයවර්ධන මහතා මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් නායකයකු (ෆුට් බෝලය) ලෙසින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටියේය.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද සරණගුප්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත කාන් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...