දේශීය පුවත්

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ   බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන්  සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය යළි  යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදීය.

එහිදී සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද   රජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර සංචාරක වීසා ගාස්තුව, දේශීය  සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, විදේශීය සංචාරකයින් සඳහා රට  විවෘත කිරීමේ දී අනුගගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්තය  ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා විය.

සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවෙහි රඳවා ගන්නා ලෙස ද එහිදී   අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද, කොවිඩ් -19 වසංගත තත්ත්වයෙන් පසු යළිත් සංචාරක ව්‍යාපාරය යථා  තත්ත්වයට ගෙනඒම සඳහා වනෝද්‍යාන විවෘත කිරීමේ දී විධිමත් ක්‍රමවේදයකට   අනුව කළ යුතු බවත් පාරිසරික උවදුරු අවම කරගනිමින් හා සත්ව හිංසනය  නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත්  උපදෙස් ලබාදුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More