දේශීය පුවත්

පාසල් නැවත පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

එමෙන්ම කෙටිකාලිනව ඇති වූ උණ කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම හා උගුරේ ආසාදන ඇති දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බවට මව්පියන් සහ පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් ද දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ඉකුත් දින 14 දී නව කොරෝනා ආසාදනයපිළිබඳ සැක සහිත හෝ තහවුරු කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක දරුවෙකු නම් හෝ කොරෝනා ආසාදනයට ඇති අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර ඇති පවුලක දරුවෙකු නම් පාසලට එවීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන මෙන් ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

සෑම විටම අවශ්‍ය දුර ප්‍රමාණය තබාගනිමින් ක්‍රිියා කිරීමට ද හැකිතාක් පුද්ගලික ගමනාගමන ක්‍රම අනුගමනය කරන්නේ නම් පුද්ගල දුරස්ථභාවය පිළිබඳ සැළකිළිමත් වීම පා ගමනින් පැමිණිය හැකි දුරක් නම් ඒ සඳහා යොමුවීමේ වටිනාකම් පිළිබඳව මෙන්ම පාපැදි භාවිතයේ වටිනාකම පිළිබඳව මව්පියන් දැනුවත් කරන මෙන් අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලද චක්‍රලේඛයේ සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් කර තිබේ.

මුඛ ආවරණ පළඳවා පාසලට එවීම නිසි ලෙස මුඛ ආවරණ පැළඳවීම, නැවත භාවිතා කරන මුඛ ආවරණ නම් ඒවා පිරිසිදු කර දීම හා සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ද ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම ද පිළිබඳව මව්පිය අවධානය යොමු කරන ලෙස එමගින් උපදෙස් දී ඇත.

පාසලට එනවිට දෛනිකව සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් ඇඟළුම් ඇඟලා එවීම, නිවසට පැමිණි පසු පාවහන් ගලවා අව්වේ වේලා ගැනීම, නිවසට පැමිණි වහා අත් සෝදා ගැනීමට හුරු කිරීම, අත් ඔරලෝසු වැනි ආභරණ පැළඳීමෙන් වැළකීම නිවසට පැමිණි පසු පොත් බෑගය අව්වේ තැබීම හෝ හැකිනම් විෂබීජ නාශක වලින් පිරිසිදු කිරීම ද ඇඳුම් ඇඟළුම් සබන් දියරයක ගිල්වා තබා සෝදා දැමීම ද නිවසට පැමිණි පසු පවුලේ අන් අය  හා සම්බන්ධ වීමට පෙර ඇඟ සෝදා ගැනීම හෝ නා ගැනීමට  ද දරුවන් හුරු කරවන මෙන් මව්පියන්ට එම දන්වන්නැයි එහි සඳහන් වේ. 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More