දේශීය පුවත්

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි.

කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.

මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පිළිවන.

011-2338073 දුරකථන/ ෆැක්ස් අංකය හෝ ombudsman@presidentsoffice.lkවිද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.

ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More