දේශීය පුවත්

පොලිසිය, කැරැලි මර්දන අංශ හෝ හමුදාව විසින් කිසිම උද්ඝෝෂකයකුට මින් මතු පහර නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලය හමුවේ අවධාරණය කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත් වූ උද්ඝෝෂණයේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඇති වූ තත්ත්වය පිළිබඳ පෙරේදා (10දා) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී ප්‍රථමයෙන් පහර දෙන්නේ එහි සංවිධායකයන් බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වන බව දැනුම් දුන් බවද ඊට ප්‍රතික්‍රියා දක්වමින් පොලිසිය පහර දී ඇතැයි ද ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

කෙසේ වෙතත් පොලිසිය විසින් සිදු කළ පහර දීම ජනාධිපතිවරයා හෝ ඇමැති මණ්ඩලය අනුමත නොකරන බවද විකල්ප ක්‍රම මගින් උද්ඝෝෂකයින් පිටත් කළ යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවද හෙතෙම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More